ඔස්ට්‍රේලියාවට සංක්‍රමණයවීමට උත්සහ කරමින් සිටි පිරිස රක්ෂිත බණ්ධනාගාරයට....

ජූනි 29, 2022

    ඔස්ට්‍රේලියාවට සංක්‍රමණයවීමට උත්සහ කරමින් සිටියදී අත්අඩංගුවට පත් 54 දෙනෙකු අද (30) රක්ෂිත බණ්ධනාගාරගත කෙරුණා. 

    ඔවුන් අත්අඩංගුවට ගැනුනේ නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණයවීමට උත්සහ කරමින් සිටියදී නැගෙනහිර මුහුදු තීරයේදී.  ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය අදාල නියෝග සිදුකර තිබෙන අතර අත්අඩංගුවට පත් පුද්ගලයින් අතර, පිරිමි පුද්ගලයින් 54 දෙනෙකු, හා කාන්තාවන් දෙදෙනෙකු සිටිනවා. 

    ඔවුන් වයස අවුරුදු 16ත් 52ත් වියේ පසුවන්නන් වන අතර කඹුරුපිටිය,  වාලච්චේන,  මුලතිව්, කලවංචිකුඩි, නිලාවේදී, උප්පුවේලි, යාපනය, ත්‍රිකුණාමලය, පානගමුව, මඩකලපුව, එරාවුරු, පුත්තලම හා කුච්චවෙලි යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව තහවුරු කරගෙන තිබෙනවා. මින් 6දෙනෙකුට ජාවාරම සංවිධාන කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා. සැකකරුවන් ජූලි 11 වැනිදා දක්වායි රක්ෂිත බණ්ධනාගාරගත කර තිබෙන්නේ.

    Latest News