ඩොලර් බි. 3ක ණය ආධාර ලබාගැනීමට ශ්‍රී ලංකාව IMF සමඟ සාකච්ජා...

ජූනි 02, 2022

    ඩොලර් බිලියන 3ක ණය ආධාර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ජා පවත්වමින් සිටිනවා.

    එහිදී විස්තීරණ අරමුදල් පහසුකම යටතේ අදාළ ණය මුදල ශ්‍රී ලංකාවට ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැලසුම් කරමින් සිටින බවයි, රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.

    ඒ සම්බන්ධයෙන් මේ මස මුල් සතියේ තවත් තාක්‍ෂණික සාකච්ජා වටයක් පැවැත්වීමට නියමිත බව ද එහි සඳහන්. ඒ අනුව, ශ්‍රී ලංකා රජය ජුනි මස අවසන් වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟත්වයකට එළඹීමට බලාපොරොත්තු වන බව ද වාර්තා වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා කියා සිටියේ, ණය ලබාදීම සඳහා ශ්‍රී ලංකාව ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අවශ්‍ය බවයි. ඒ අනුව, පුළුල් ප්‍රතිසංස්කරණ පැකේජයක් සඳහා ශ්‍රී ලංකාව සමඟ සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙනවා.

    Latest News