උතුරු මුහුදේ නීති විරෝධී ක්‍රියා වැළක්වීමට නාවික හමුදාව සීරුවෙන්

මැයි 25, 2022

    උතුරු මුහුදේ නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වීම වැළැක්වීමට පියවර ගෙන තිබේ. ඒ අනූව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්ෂක හමුදාව ඒකාබද්ධව වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.

    ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට කන්කසන්තුරය දක්වා වූ කොටසේ ආරක්ෂාව දැඩි කොට ඇත්තේ, ශ්‍රී ලංකා නාවික හමුදාවයි. තමිල්නාඩුවේ දකුණු හා බටහිර වෙරළාසන්න ප්‍රදේශවල ආරක්ෂාව දැඩි කිරීමට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය පියවර ගෙන තිබේ.

    ශ්‍රී ලංකාවෙන් අනවසර සංක්‍රමණිකයන් ඉන්දියාවට පැමිණීම වැළැක්වීමද මෙහි තවත් අරමුණක්. මත්ද්‍රව්‍ය ජාවාරම, නීති විරෝධී වෙළෙඳාම් ඇතුළු ඇතැම් ක්‍රියා පසුගිය කාලයේ වැඩිවීම හේතුවෙන් ආරක්ෂාව දැඩි කිරීමට දෙරටම තීරණය කර තිබේ.

    එමෙන්ම, දෙරට අතර පවත්නා ධීවර ගැටලු අවම කිරීමට ද මෙමගින් පිටිවහලක් ලැබෙයි. පෝක් සමුද්‍ර සන්ධීය මුහුදු කලාප ආරක්ෂක වැටක් ගොඩනැගීමට ද ඉන්දීය වෙරළාරක්ෂක බලකාය පියවර ගෙන තිබේ.

    Latest News