අනවසරයෙන් ඉන්ධන අලෙවිකළ 7ක් අල්ලයි

මැයි 25, 2022

    වැල්ලවාය ප්‍රදේශයේ දී අනවසරයෙන් ඉන්ධන අලෙවි කළ පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වැල්ලවාය පොලීසිය විසින්.

    එම පොලීසියේ නිලධාරී කණ්ඩායමක් විසින් ඊයේ සවස සිදුකළ වැටලීමකදී පිරිස අත්අඩංගුවට ගනු ලැබීය. පෙට්‍රල් ඩීසල් හා භූමි තෙල් ලීටර 300කට අධික සංඛ්‍යාවක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

    ඊට අමතරව, ඉන්ධන අලෙවිය සඳහාම සකස් කළ බැරල් ඇතුළු උපකරණ තොගයක් ද පොලීසිය විසින් සොයා ගනු ලැබීය. 

    Latest News