විශේෂ ආරක්ෂක දිසාව බාර නි.පොලිස්පතිවරයා ලෙස ඩබ්ලිව්. තිලකරත්න

මැයි 24, 2022

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මහතා විශේෂ ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

    එම නිලධාරියාගේ ඉල්ලීම පරිදි අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි, පොලිස් මූලස්ථානය පවසන්නේ.

    ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසු මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිපියට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා මෙම ස්ථානමාරු සහ පත්කිරීම් සේවා අවශ්‍යතාව මත ක්‍රියාත්මක කර තිබේ.

    ඒ අනූව, පුරප්පාඩු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ධුරයට නුවරඑළිය දිසාව බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එස්.පී.රණසිංහ මහතා පත්කළ බවයි, පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

    Latest News