අද ගෑස් පෝලිම්වල ඉන්න එපා - ලිට්‍රෝ සමාගම

මැයි 24, 2022

    අද (24) දිනයේ ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි.

    ඒ අනුව ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි ලිට්‍රෝ සමාගම මහජනතාවට දැනුම් දෙන්නේ. 

    මේ අතර,ටොන් 7,500ක LP ගෑස් තොගයක් මෙරටට ආනයනය කිරීම සඳහා මුදල් ගෙවා ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ඒ අනුව එම ගෑස් නෞකා දෙකකට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ගෙවා ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.

    මෙම ගෑස් තොගයට අදාළව මෙට්‍රික් ටොන් 3,500 ක ගෑස් තොගයක් අඩංගු නෞකාවක් බ්‍රහස්පතින්දා දිවයිනට පැමිණීමට නියමිතයි. 

    Last modified on අඟහරුවාදා, 24 මැයි 2022 08:32

    Latest News