නව කැබිනට් ප්‍රකාශකවරුන් පත් කෙරේ

මැයි 24, 2022

    නව කැබිනට් ප්‍රකාශකවරයෙක් සහ සම කැබිනට් ප්‍රකාශකවරුන් තිදෙනෙක් ඊයේ (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කර තිබේ. 

    කැබිනට් ප්‍රකාශක ලෙස ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    සමකැබිනට් ප්‍රකාශකවරුන් ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යන අමාත්‍යවරුන් පත් කර තිබේ. 

    Cabinet

    Last modified on අඟහරුවාදා, 24 මැයි 2022 08:27

    Latest News