IOC ඉන්ධන මිල ඉහළට

මැයි 24, 2022

    වහාම ක්‍රියාත්මක වන පරිදි අද අලුයම 3.00 සිට ඉන්ධන මිල ඉහළ දැමීමට සිපෙට්කෝ සමාගම පියවර ගෙන තිබේ.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 82කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 77 කින්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු. 111කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු116කින් ඉහළ දමා ඇත.

    ඒ අනුව නව මිල ගණන් පහත දැක්වේ

    පෙට්ට්‍රල් ඔක්ටේන් 92 - Rs. 420.00
    පෙට්ට්‍රල් ඔක්ටේන් 95 - Rs. 450.00
    ඔටෝ ඩීසල් - Rs. 400.00
    සුපර් ඩීසල් - Rs. 445.00

     

    ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල සහ අනෙකුත් සාධක සලකා බලා ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල ඉහල දැමීම සිදුකර ඇත.

    ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදා හැරීමේ වියදම් සහ බදු මුදල් මිල සංශෝධනයට ඇතුලත් කර ඇති අතර මිල සංශෝධනය සඳහා ලාභාංශ ඇතුලත් කර නොමැත.

    මෙම ඉහළ දැමීමට අනුපාතිකව බස් රථ ගමනාගමනය ඇතුලුව අනෙකුත් අත්‍යවශ්‍ය සේවා වල මිල ගණන් වෙනස් කිරීම සඳහාද අනුමැතිය හිමිවෙනු ඇත.


    Last modified on අඟහරුවාදා, 24 මැයි 2022 08:18

    Latest News