මෙවර අ.පො.ස. (සා.පෙ.)ට අයදුම්කරුවන් පන් ලක්‍ෂ 17,496ක්...(වීඩියෝ)

මැයි 23, 2022
  • 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ කෙරුණා.

    මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් පන් ලක්‍ෂ 17,496 දෙනෙකු පෙනී සිටිනවා. විභාගය මධ්‍යස්ථාන 3,844ක දී පැවැත්වෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙවර පාසල් අයදුම්කරුවන් හාර ලක්‍ෂ 7,129 දෙනෙකු හා පෞද්ගලික අයදුම්කරුවන් එක් ලක්‍ෂ 10,367 දෙනෙකු විභාගයට පෙනී සිටින බවයි. සම්බන්ධිකරණ මධ්‍යස්ථාන 542ක් දිවයින පුරා පිහිටුවා තිබෙනවා. විභාගය ජුනි පළමු වැනිදා අවසන් වීමට නියමිතයි.

    Latest News