ශ්‍රී ලංකා – IMF තාක්ෂණික සාකච්ඡා ලබන 24වැනිදායින් අවසන්

මැයි 20, 2022

    ශ්‍රී ලංකාවට ණය ආධාරයක් ලබාදීමට අදාළව පැවැත්වෙන තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ලබන 24 වැනි දා අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරයි.

    එහි ප්‍රකාශක ජෙරී රයිස්, වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික වර්ධනයන් පිළිබඳ මූල්‍ය අරමුදල ඉතා සමීපව නිරීක්ෂණය කරන බවයි.

    IMF ප්‍රතිපත්තිවලට අනුකූලව ශ්‍රී ලංකාවට උපකාර කිරීමට තමන් කැපවී සිටින අතර එහිදී මුහුණ දෙන අර්බුදය කාලෝචිත ලෙස විසඳීමට සහය දැක්වීම සඳහා තම පාර්ශවකරුවන් සමග සම්බන්ධ වන බවට ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

    Latest News