යුරෝ 50,000ක් සමග සැකකරුවෙකු STF අත්අඩංගුවට

මැයි 16, 2022

    උණ්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා යූරෝ 50,000ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු බොරලැස්ගමුව, පැපිලියාන ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස සොයා ගනු ලැබූ යුරෝ මුදල් තොගයේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් මිලියන 18කට අධිකයි.

    මුදල් විශුද්ධි කිරීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරු පුංචිබොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53ක පුද්ගලයෙක්.

    සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කිරුළපන නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත බාරදී තිබේ.

    Latest News