ප්‍රචණ්ඩත්වය වර්ධනය කළ සමාජ මාධ්‍ය කණ්ඩායම් 59ක් හඳුනාගනී

මැයි 12, 2022

    සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචණ්ඩකාරී තත්ත්වය වර්ධනය කිරීම සඳහා ක්‍රියාකළ සමාජ මාධ්‍ය ජාල කණ්ඩායම් විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.

    ඒ අනුව එවැනි සමාජ මාධ්‍ය කණ්ඩායම් (Groups) 59 ක් සහ ඒවා මෙහෙයවන්නන් (Group Admins) මේ වනවිට හඳුනාගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

    ඔවුන්ට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ සහ අපරාධ නීතිය යටතේ මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.

    Latest News