වර්ජනය අවසන්

මැයි 12, 2022

    පසුගිය 9 වැනි දා සිට ආරම්භ වූ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ඊයේ (11) දැනුම් දුන්නා.

    ජන අරගලය විසින් ඉල්ලනු ලබන සැබෑ දේශපාලන පරිවර්තනය සඳහා වන අරගලය හෙට (13) සිට නව මුහුණුවරකින් නැවත ආරම්භ කිරීමට වෘත්තීය සමිති ඒකාබද්ධව තීරණය කර ඇති බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

    වර්ජනයේ නිරත වූ වෘත්තීය සමිති නායකයින් කොළඹ දී ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ සිය අරගලයේ එක් පියවරක් වූ පැවති ආණ්ඩුව බලයෙන් පහ කිරීම සාර්ථක වූ බවත් මහජනතාවගේ අත්‍යවශ්‍ය සේවා කටයුතු වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන බවයි. ඒ අනුව ඇඳිරිනීතිය ඉවත් කරන මොහොතේ සිට වරාය, සෞඛ්‍ය, ගුරු - විදුහල්පති, තැපැල්, බැංකු ඇතුළු සියළු ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතුවල නිරත වන බව ද ඔවුන් ප්‍රකාශ කළා.

    එමෙන්ම පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම ඊයේ පස්වරුවේ යළි ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ශාන්ත සිල්වා ප්‍රකාශ කළා.

    Latest News