ගැටුම්කාරී තත්වය ජනාධිපතිතුමා හෙළා දකියි

මැයි 09, 2022

    කොළඹ ගාලු මුවදොර ප්‍රදේශය සහ දිවයිනේ ප්‍රදේශ ගණනාවක උද්ගත වී ඇති ගැටුම්කාරී තත්වය සහමුලින්ම හෙළා දකින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ඔහු එම පණිවිඩයෙන් වැඩිදුරටත් පවසන්නේ, රටේ පවතින අර්බුද සමනය කර ගැනීමට ගැටුම් කිසිසේත් උපකාරී නොවන බව යි.

    දේශපාලන පක්ෂපාතිත්වය නොසලකා ගැටුම්වලට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගන්නා ලෙසත් එම ගැටුම් වහා ම පාලනය කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔහු එම පණිවිඩය හරහා ආරක්ෂක අංශ වෙත දැනුම්දුන් බව පවසනවා.

    ජනාධිපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, මේ අවස්ථාවේ දී සියලු රටවැසියන් සාමකාමී ව හැසිරෙන ලෙසට යි.

    HE.jpg

     

    Last modified on සදුදා, 09 මැයි 2022 15:56

    Latest News