අප්‍රේල් මාසයේ උද්ධමනය 29.8%ක්

අප්‍රේ 30, 2022

    කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ දී 29.8% දක්වා අඛණ්ඩව ඉහළ ගිය බව මහබැංකුව සඳහන් කරයි.

    තවද ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 46.6% දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 22.0% දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

    එම වාර්තාවට අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශක මත පදනම් වූ උද්ධමනය 2022 මාර්තු මාසයේ පැවති 18.7%හි සිට 2022 අප්‍රේල් මාසයේ දී 29.8%ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු වී ඇත. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මාර්තු මාසයේ පැවති සියයට 30.2හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 46.6 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මාර්තු මාසයේ පැවති සියයට 13.4හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 22.0 දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News