තණමල්විල පොළ භූමියේ දී පුද්ගලයකු ඝාතනය කරයි

අප්‍රේ 29, 2022

    තණමල්විල නගරයේ තණමල්විල සතිපොළ භූමියේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ.

    සතිපොළට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකුට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එම පුද්ගලයාගේ සිරුරට දැඩි තුවාල සිදු කර තිබූ බව සිද්ධිය දුටුවන් පවසති.

    ප්‍රහාරයෙන් පසු එම පුද්ගලයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වී ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ කිතුල්කොටේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතලිස් හතරක පුද්ගලයෙකි.

    පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තණමල්විල මූලස්ථානපොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කරයි.

    Latest News