වතුකරයට යවන ප්‍රමිතියක් නැති ආහාර තොගයක් වටලයි

මාර් 06, 2019

    ප්‍රමිතියකින්  තොර ආහාර ද්‍රව්‍යය පැකට් කර වතු කම්කරුවන්ට බෙදා හරින ගබඩාවක් වටලා එහි තිබු පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ආහාර ද්‍රව්‍යය රැසක් අද (06) මහජන සෞඛය්‍ය පරික්ෂකවරුන් භාරයට ගනු ලැබීය.

    හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ කුලි පදනම මත ලබාගත් නිවසක ගබඩා කාමරයක් ලෙස පවත්වාගෙන යමින් පිරිසක් වතු කම්කරුවන්ට ආහාර ද්‍රව්‍යය පැකට් කර අසුරා වාරික පදනම මත මුදල් ලබා ගැනිමේ ක්‍රමවේදයක් යටතේ ආහාර ද්‍රව්‍යය  බෙදා හැරිම මෙම ගබඩාව තුල සිදු කරන බවට තොරතුරු හෙලි විය.

    රුපියල්  10500  සහ රුපියල්  6500  බැගින් වු ආහාර ද්‍රව්‍යය අඩංගු මළු සකස් කර ඇණවුම ලබාදෙන වතු කම්කරුවාගේ නිවසටම ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් එම ආහාර ද්‍රව්‍යය අඩංගු මල්ල භාර දිම ව්‍යපාරයක් වශයෙන් මෙම ගබඩාව පවත්වාගෙන යන අය විසින් සිදු කරමින් සිටියි.

    එසේ ලබාදෙන  ආහාර ද්‍රව්‍යය සදහා වාරික පදනම මත මුදල් අය කරන නිසා හැටන් කොටගල ප්‍රදේශයේ විශාල වතු කම්කරුවන් පිරිසක් තම නිවසට අවශ්‍යය ආහාර ද්‍රව්‍යය මෙම ගබඩාව පවත්වාගෙන යන වෙත ඇණවුමක් වශයෙන් භාරදෙන බවයි මෙම වැටලිම සිදු කල කොටගල මහජන සෞඛ්‍යය අධිකාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.

    මෙම වැටලිමේ දී වතු කම්කරුවන්ට බෙදා හැරිමට සුදානම් කර තිබු ගුල්ලන් සහිත පරිප්පු , කවිපි තොගයක් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් භාරයට ගැනුනු අතර මෙම ගබඩාවේ පරිභෝගික අඥා පනතට අනුකුල නොවන ආකාරයෙන්  ලේබල් රෙගුලාසි උල්ලංඝනය කරමින් ආහාර ද්‍රව්‍යය අසුරා ඇති බවත්, එම ආහාර ද්‍රව්‍යය සහිත ගබඩාව නිසි ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යැමේ චොදනා  යටතේ  මෙම ආහාර ද්‍රව්‍යය බෙදා හරින ගබඩාවේ අයිතිකරුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැරිමට කටයුතු කරන බවයි, මෙම වැටලිම සිදු කල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.

    ආහාර ද්‍රව්‍යය  බෙදා හරින මධ්‍යස්ථානයේ ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යන බවට  මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන්ට ලද පැමිණිල්ලක් මහ මෙම වැටලීම සිදු කර ඇත.

    Latest News