ඉන්ධන සඟවා තිබියදී සොයා ගැනේ...(වීඩියෝ)

අප්‍රේ 14, 2022
  • ගාල්ල, තවලම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන සඟවා තිබියදී, ඒවා සොයාගත් බව, පොලිසිය පවසනවා.

    පොලිසියේ මැදිහත්වීමෙන් ඉන්ධන බෙදාහැරීම යළි ආරම්භ කෙරුණා. ගාල්ල, තවලම පිරවුම්හලේ ඉන්ධන පවතින අවස්ථාවක, ඉන්ධන නොමැති බව පවසා බෙදාහැරීම් කටයුතු නවතා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජනතාව, පොලිසියට පැමිණිලි කර තිබෙනවා. පිරවුම්හලට ඊයේ දහවල් රැගෙන ආ පෙට්‍රල් ලීටර 10,000ක් අඩංගු බවුසරයක් ද තේ කර්මාන්ත ශාලාවක සඟවා තිබියදී, පරීක්‍ෂණ ආරම්භ වීමත් සමඟ රාත්‍රී කාලයේම පිරවුම්හල වෙත රැගෙන විත් තිබෙනවා. පසුව පිරවුම්හලට සීල් තබා ඇති අතර, පොලිසියේ මැදිහත්වීමෙන් ඉන්ධන බෙදාහැරීම සිදු කෙරුණා.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 අප්‍රේල් 2022 19:01

    Latest News