ඉන්දියාවෙන් තවත් අමෙ. ඩො. බිලි. 2ක මූල්‍යාධාරයක්....

අප්‍රේ 14, 2022

    ඉන්දියාව, තවත් අමෙරිකානු ඩොලර් බිලියන 2ක මූල්‍යාධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබෙනවා.

    ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මේ වනවිටත් ඒ සම්බන්ධ සාකච්ජා ශ්‍රී ලංකා රජය සමඟ පවත්වා ඇති බවයි. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අභියෝග ජය ගැනීමට සහය දැක්වීමට ඉන්දීය රජය සූදානමින් සිටිනවා. තවදුරටත් මෙරටට සහය දැක්වීමට උපරිමයෙන් ක්‍රියා කරන බව ද, ඉන්දියාව පවසනවා. මේ වනවිටත් අමෙරිකානු ඩොලර් බිලියන 1.9ක ණය මුදලක් ඉන්දියාව විසින් මෙරටට ලබාදී තිබෙනවා. ඉන්ධන මිලදී ගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 500ක් ලබාදී ඇති බව ද සඳහන්.

    Latest News