නව මුදල් අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම් ඉවත්වෙයි...

අප්‍රේ 05, 2022

    නව මුදල් අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු අලි සබ්රි මහතා අද (05) එම ධූරයෙන් ඉල්ලා අස්වුණා.

    ඔහු සඳහන් කළේ, සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමා වෙත යොමුකර ඇති බවයි. කැබිනට් අමාත්‍යවරුන් සියුල දෙනා ඉල්ලා අස්වීමෙන් අනතුරුව, නව මුදල් අමාත්‍යවරයා ලෙස අලි සබ්රි මහතා ඊයේ දිවුරුම් දුන්නා. එම ධූරයෙන් ඉල්ලා අස්වන බවට ඔහු අද දැනුම්දී තිබෙනවා. මේ අතර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරූ එස්.ආර්. ආටිගල මහතා ද ඉවත් වී ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News