බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක්...

මාර් 20, 2022

    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට පත්වී හෙට දිනයේ සුළි කුණාටු තත්වයක් බවට පත්වනු ඇති බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ හේතුවෙන් ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් හටගනු ඇති. මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂා කෙරෙනවා. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකියි. එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    Latest News