විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධූර වලින් ඉවතට...

මාර් 03, 2022

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (II) (ආ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (03) පස්වරුවේ සිය ධුර වලින් ඉවත් කර තිබේ.    

    එසේම,  විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ධුරවලින් ඉවත් කිරීමෙන් පසු අමාත්‍යාංශ කිහිපයක සංශෝධන සිදුව තිබේ.  ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙහි සහ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය විදුලිබල අමාත්‍ය ධුරයෙහි අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    Latest News