රජයේ දීප ව්‍යාවප්ත සේවාවට නව උසස්විම් ක්‍රමවේදයක්

මාර් 01, 2019

    රජයේ දීප ව්‍යාවප්ත සේවාවන්හි නිලධාරීන් මුහුණ පා ඇති උසස්වීමේ ගැටලු නිරාකරණය කොට නව උසස්වීම් ක්‍රවමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොර තිබේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ඒකාබද්ධ සංදේශයක් ලෙසට 2019 පෙබරවාරි 26 වන දින මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

    දීප ව්‍යාප්ත සේවාවන් නියෝජනය කරන වෘත්තීය සංගම් සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාවේ දී උසස්වීම් සම්බන්ධයෙන් විවිධ ගැටලුකාරී තත්ත්වයන් පවතින බව ඔවුන් විසින් පෙන්වා දුන් බව අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. නියමිත කාල සීමාවන් තුළ දී උසස් වීම් නොලැබීම හේතුවෙන් නිලධාරීන් විශාල ප්‍රමාණයක් අතෘප්තියට පත් වී ඇති බවත් කරුණු ඉදිරිපත් කර තිබු බව එම නිවේදනයේ දැක්වේ.
    මෙම කරුණු සැළකිල්ලට ගනිමින් රාජ්‍ය යාන්ත්‍රණයේ ඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය වැඩි කිරීමේ අරමුණින් සියලු පාර්ශවවල එකඟතාවයෙන් මෙම නව ක්‍රමයමවේදය හඳුන්වා දී ඇත.

    මෙම තීරණය අනුව ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, ශ්‍රී ලංකා විද්‍යත්මක සේවය, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවය, ශ්‍රී ලංකා මිනින්දෝරු සේවය, ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවය හා ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවය යන දීප ව්‍යාප්ත සේවාවන්හි සේවය කරනු ලබන නිලධාරීන්ගේ උසස් වීම් ගැටලු සඳහා සහන හිමිවී ඇත.

     

     

     

    Latest News