සැකකටයුතු පාර්සල් 5කින් මත්ද්‍රව්‍ය තොගයක් එළියට

පෙබ 09, 2022

    කැනඩාව, නෙදර්ලන්තය හා අමෙරිකාව යන රටවල්වලින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවන ලද කුෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

    සැකකටයුතු ලිපින භාවිත කරමින් එවන ලද පාර්සල් පහක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් නැවත පරික්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය හමුව ඇත.

    තවද කොකේන් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 ක්ද එම පාර්සල්වල තිබී හමුව තිබේ. මෙම මත්ද්‍රව්‍යවල සම්පූර්ණ වෙළෙඳපොළ වටිනාකම මිලියන 19කට ආසන්නයි.

    අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය පිළිබඳ විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකෙරේ. මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතයි.

    Latest News