කොළඹට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

පෙබ 28, 2019

    කොළඹ අවට ප‍්‍රදේශ කිහිපයකට හෙට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශ කළේය.

    ඒ හෙට රාත‍්‍රි 9.00 සිට ඉරිදා පස්වරු 3.00 දක්වායි. අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශ කළේය.  ඒ අනුව කොළඹ 13,14 සහ 15 යන ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි, මණ්ඩලය සදහන් කළේ.

    කොටුව සහ පිටකොටුව ප‍්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලබාදීමට ද පියවර ගෙන තිබේ. 

    Latest News