හැටන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස් දෙනෙක් අල්ලයි

ජන 25, 2022

    හැටන්,ප්‍රදේශයේදී  හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයන් පස් දෙනෙකු ඊයේ (24) පස්වරුවේ  අත්අඩංගුවට ගත් බව හැටන් සුරාබදු කාර්යාලයේ ප්‍රධාන සුරාබදු පරික්ෂක සේනක සිල්වා මහතා පවසයි. 

    මෙම තරුණයන් අතර හැටන් ප්‍රදේශයට හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමේ නියැලි සිටින ප්‍රධාන ජාවාරම්කරු ද සිටින බවයි සුරාබදු පරික්ෂකවරයා කියා සිටියේ.

    තරුණයින් පස් දෙනා වයස අවුරුදු 20-30 වයස් කාණ්ඩවල පසුවන්නන්. ඔවුන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

    Latest News