පළමු ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම අගමැතිගේ ප්‍රධානත්වයෙන්...

ජන 18, 2022

    නව වසරේ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමේ පළමු රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවැත්වුණා.

    ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරි වසර 03ක කාලය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදය හෙට සහ අනිද්දා පැවැත්වීමට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී තීරණය කෙරුණා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් බහුතරයක් විවාදයේදී අදහස් දැක්වීමට සූදානම්ව සිටින බැවින් 21 වන සිකුරාදා විවාදයට වෙන්කර දෙන මෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අගමැතිතුමාගෙන් මෙහිදී ඉල්ලා සිටියා.

    PMGroup02 900px 22 01 18

    ඒ අනුව, කතානායකවරයා දැනුවත් කර 21 වැනිදාද විවාදයට ලබාගන්නා ලෙසයි මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දෙනු ලැබුවේ. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීමේ ගිවිසුම සම්බන්ධයෙන් ද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කලා. සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    PMGroup 900px 22 01 18

    Last modified on අඟහරුවාදා, 18 ජනවාරි 2022 17:31

    Latest News