පානදුර මුහුදේ ගිලී සිසුවෙක් අතුරුදන්

ජන 18, 2022

    පානදුර - මුහුදු වෙරළේ දිය නාමින් සිටි 16 හැවිරිදි සිසුවෙකු, ඊයේ පස්වරුවේ දියේ ගිලී අතුරුදන් වී තිබේ.

    සිය පියා සමග දිය නාමින් සිටි මොහොමඩ් දිල්ෂාන් කාසීම් නමැති පාසල් සිසුවා පානදුර - එළුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙයි.

    පානදුර පොලීසියේ ජීවිත ආරක්ෂක නිලධාරීන් අතුරුදන් වූ සිසුවා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. 

    Latest News