සැකකරු සමග ගංජා තොගයක් වැල්ලවායේදී අල්ලයි

ජන 18, 2022

    වැල්ලවාය, කඩවරවැව ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී වියළි ගංජා කිලෝග්‍රෑම් එකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබියදී මෙම ගංජා තොගය පොලිසිය විසින් සොයාගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු වෙරළ පානතර ප්‍රදේශයේ පදිංචි හතලිස් අට හැවිරිදි පුද්ගලයකු වන අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News