අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

ජන 17, 2022

    අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස ඊයේ (16) පොලීසිය සමත් වෙයි.

    රත්මලාන ගුවන්තොටුපොළ ආසන්නයේ රැඳී සිටි මෙම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහු පිළිබඳ තොරුතුරු අනාවරණය වී තිබේ.

    ඔහු බද්දේගම, පිටිගල, ඇල්පිටිය හා තෙලිකඩ යන පොලිස් වසම්වලදී අපරාධ රැසක් සිදු කර ඇති බව හෙළි වී ඇත. තලාව සණස බැංකුව බිද රුපියල් නවලක්ෂ පනස් හතරදහස් අනූහතරක මුදලක් සොරකම් කිරීමටද ඔහු සම්බන්ධ බවයි පොලිසිය පවසන්නේ. මත්තක සමෘද්ධි බැංකුව හා ඇල්පිටිය ඇත්කදුර සණස බැංකුව බිද මුදල් සහ දේපල සොරකම් කිරීමේ සිද්ධීන්වලටද ඔහු සම්බන්ධ බව පොලිසිය සදහන් කරයි .

    අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි මීවැඩුම, බද්දේගම ප්‍රදේශයේ පදිංචිරුකවෙකු බව පොලීසිය පවසයි.

    අදාළ සැකකරු හට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුකර ඇත බව අනාවරණයවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

    එම සැකකරු ඊයේ (16) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ඔහු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News