ශ්‍රී පාද වන්දනාවේ පැමිණි මොටර් රථයක් අනතුරට පත් වෙයි

ජන 17, 2022

    ශ්‍රී පාද වන්දනාවේ වන්දනාකරුවන් පිරිසක් පැමිණි මොටර් රථයක් අනතුරට පත් වී තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරේ.


    අද (17) පස්වරු 1 ට පමණ සිදු වූ අනතුරින් මොටර් රථයේ රියදුරා ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

    මෙම අනතුර සිදු වි ඇත්තේ මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය රිකාටන් ප්‍රදේශයේ දීය.

    ශ්‍රී පාද වන්දනාව අවසන් කර ආපසු පේරාදෙණිය දක්වා මොටර් රථය ධාවනය කරවන අවස්තාවේ මෝටර් රථයේ රියදුරාට නින්ද ගොස් මොටර් රථය රියදුරු පාලනයෙන් මිදි ඉදිරියට ධාවනය වී මාර්ගය අභියස පිහිටි අධි බලැති විදුලි කණුවක ගැටි මෙම අනතුර සිදු වි ඇත.

    මොටර් රථය විදුලි කණුවේ ගැටීමත් සමග විදුලි කණුව ප්‍රධාන මාර්ගයට කඩා වැටිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු විනාඩි 30 පමණ අඩාල වී තිබේ.

    මස්කෙලිය විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරින් සහ නල්ලතන්නිය යුධ හමුදා කදවුරේ නිලධාරින් එක්ව මාර්ගයට කඩා වැටුණු විදුලි කණුව සහ රැහන් ඉවත් කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්වයට පත් විය.

    අනතුරෙන් මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නල්ලතන්නිය පොලිසිය කියා සිටියේ.

    Latest News