රුවල් නැවක අත්දැකීමක් විඳින්න - කොළඹ වරාය නගරයට ඒන්න....(වීඩියෝ)

ජන 16, 2022
  • "තැප්‍රොබේනය" හා "සෙරන්ඩිබ්" යනුවෙන් හැඳින්වූ ඒකල ශ්‍රී ලංකාව සොයා ආ ගවේශකයින් මෙරටට සේන්දු වූයේ, රුවල් නැව් උපයෝගි කර ගනිමින්.

     

    රුවල් නැව මෙන්ම යාත්‍රා ද, සරළ යාන්ත්‍රනයකින් හෙබි, මුහුදු ගවේශනයට යොදාගත හැකි යාත්‍රාවක්. ශ්‍රී ලාංකිකයින්ට ද රුවල් යාත්‍රාවක ගමන් කිරීමේ භාග්‍යය දැන් උදාවී තිබෙනවා. කොළඹ වරාය නගරය ජනතාවට විවෘත කිරීමත් සමඟ ඒ් ආශ්‍රිතව මරිනා තටාංගනය මූලික කොටගෙන රුවල් නැව් සේවාවක් ආරම්භ කෙරුණා. දැනට කාමර 4 සහ 10 බැගින් සමන්විත රුවල් නැව් 4ක් කොළඹ වරාය නගරයේ නැංගුරම්ලා තිබෙනවා.
    පෞද්ගලික සමාගමකිනුයි, මෙම ව්‍යාපෘතිය කළමනාකරණය කෙරෙන්නේ. රුවල් යාත්‍රා දිවා සහ රාත්‍රී කාලයේ විනෝද චාරිකා සඳහා වෙන්කර ගත හැකියි. ඒමෙන්ම‍, උත්සව හෝ විවාහ මංගල ජායාරූපකරණයට මෙන්ම විශේෂ අවස්ථා ජායාරූපකරණයට, මංගල හා අනෙකුත් සාද පැවැත්වීමට පහසුකම් සැපයීමට ද ඒහි කළමනාකාරිත්වය අවස්ථාව ලබාදෙනවා.
    මෙම රුවල් යාත්‍රාවලින් බස්නාහිර සහ දකුණු ගැඹුරු මුහුදේ ගමන් කළ හැකි අතර ඒම සංචාරවලදී කිමිදීම, පිහිනීම හා මුහුද මත පාවීම මෙන්ම ඩොල්ෆින් හා විසිතුරු ජලජ ජීවීන් නැරඹීමේ අවස්ථාව ද උදාවනවා. දෙස්-විදෙස් සංචාරකයින්ගෙන් දැඩි ආකර්ශනයට ලක්ව ඇති මෙම රුවල් නැව් සේවාවෙන් ශ්‍රී ලාංකිකයින්ට නවමු අත්දැකීමක් ලැ‌බෙන්නේ ඉන්දීය සයුර තරණයකරමින් ඈත දියඹේ අත්දැකීම් ලබාගත හැකි නිසා. නිල්වන් අහස් ගැබ යට, දීප්තිමත් හිරු ඒළිය විඳීමට මෙන්ම හිරු නැගීම හා හිරු බැසීම වැනි සොබා අලංකරණ සේයා ලබාගැනීමට ද මෙමගින් සංචාරකයින්ට අවස්ථාව උදාවනවා....

     

     

    Latest News