අගමැතිතුමා දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී....

ජන 16, 2022

    මහනුවර ‍ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16 ) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

    දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් දළදා මාලිගාවට පැමිණි අගමැතිතුමා පිළිගනු ලැබුවේය.අනතුරුව අගමැතිතුමා දළදා වහන්සේ වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේය. දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව, මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. අනුශාසනා පැවැත්වීමෙන් අනතුරුව නාහිමියෝ අගමැතිතුමාට තිළිණයක් ලෙස බුදු පිළිමයක් ප්‍රදානය කළහ. මෙම ආගමික වතාවත් සඳහා අගමැතිතුමා සමඟ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, ජනතා නියෝජිතයින්, නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News