රට දියුණු කිරීමට ආකල්පමය වෙනසක් අවශ්‍යයි; අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමියන්

ජන 15, 2022

    රට දියුණු කිරීම සඳහා ආකල්පමය වෙනසක් අවශ්‍ය බව, අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමියන් පවසනවා.

    මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා, අනුනායක හිමියන් බැහැදුටු අවස්ථාවේදී, විශේෂ අනුශාසනාවක් කරමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවකයන් තම රාජකාරිය නිසි පරිදි ඉටු කරන්නේ නම්, රට මීට වඩා යහපත් කිරීමට හැකියාව තිබූ බවයි.

    ආණ්ඩුකාරතුමා, අනුනායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව ඓතිහාසික ගෙඩිගේ විහාරයේ දැනට ක්‍රියාත්මක සංවර්ධන කටයුුතු නිරීක්ෂණය කළා. ජනධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ මෙම සංවර්ධන කටයුුතු සිදු කෙරෙනවා.

    Latest News