විදුහල්පති, ගුරු උපදේශක හා ගුරු සේවා සංවෘත සේවා යටතට...

ජන 15, 2022

    ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය හා ශ්‍රී ලංකා ගුරු සේවය සංවෘත සේවාවන් බවට පත්කර තිබෙනවා.

    ඊට අදාල ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරුණා. ඒ, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟත්වය අනුවයි. මෙම ගැසට් නිවේදනය 2021 අගෝස්තු මස 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර තිබෙනවා. පත්කිරීම්, උසස් කිරීම්, විනය, ස්ථාන මාරු හා අනෙකුත් ආයතන කටයුතු සම්බන්ධයෙන් වන බලතල හා විධිවිධාන ඒ ඒ සේවාවන් සඳහා දැනට ක්‍රියාත්මක අයුරින්ම ඉදිරියට බලපැවැත්වෙන බව ගැසට් නිවේදනයේ සඳහන්.

    එමෙන්ම,  නිලධාරින්ගෙන් විමසා සුදුසු පරිදි සංශෝධන කරගත හැකියි. සේවා ගණ ශ්‍රේණි හා තනතුරු සම්බන්ධයෙන් අදාළ බලධාරින් විසින් අනුමත කරනු ලබන නව ප්‍රතිපාදන අනුව, සේවා ව්‍යවස්ථ සකස්කර ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන තෙක් ඒ ඒ සේවාවන් සඳහා දැනටමත් ක්‍රියාත්මක සේවා ව්‍යාවස්ථාවල සඳහන් විධිවිධාන අදාළ වන බව ගැසට් නිවේදනයේ සඳහන්.

    Latest News