ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා විජේසේකර මහතා අභාවප්‍රාප්තවේ..

ජන 15, 2022

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියෙකු වූ දයා විජේසේකර මහතා ඊයේ (14) අභාවප්‍රාප්ත වුණා.

    මියයන විට ඔහුගේ වයස අවුරුදු 77 ක්. "දවස" පුවත්පතේ මාධ්‍යෙව්දියෙකු ලෙස වෘත්තිය දිවිය ආරම්භ කළ දයා විජේසේකර මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලෙසද, කටයුතු කර තිබෙනවා. ඒ.එච්.එම්. අෂ්රොෆ් සහ මංගල සමරවීම යන හිටපු අමාත්‍යවරුන්ගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ද ඔහු ක්‍රියා කළා.

    දයා විජේසේකර මහතාගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර, අවමංගල්‍යය බොරැල්ල කනත්තේ දී හෙට සවස 04.00 ට සිදු කිරීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 15 ජනවාරි 2022 14:48

    Latest News