ඡන්ද හිමි නාමලේඛනට ඇතුළත්ව නොමැති නම්, ජනවාරි 3ට පෙර දැනුම් දෙන්න

දෙසැ 31, 2021

    ඡන්ද හිමි නාමලේඛන කෙටුම්පතට තම නම ඇතුළත්ව නොමැති නම්, ජනවාරි තුන්වැනිදාට පෙර ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

    මෙම වර්ෂයේ එම නාමලේඛනයට ඇතුලත්වීමේ ලැයිස්තුවෙහි සඳහන් පුද්ගලයෙකුගේ හෝ හිමිකම් ඉල්ලීම පිළිගත් බව දන්වා ඇති තැනැත්තෙකුගේ හෝ නම ඡන්ද හිමි නාමලේඛන කෙටුම්පතට ඇතුළත්ව නොමැති නම්, ජනවාරි තුන්වැනිදාට පෙර ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන ලෙස, මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින්ට දැනුම් දෙයි.

    නොඑසේනම්, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ද දැනුම් දිය හැකියි. මෙම වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය ලබන වසරේ ජනවාරි 7 වැනිදා සහතික කිරීමට නියමිත බව, මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. මේ වර්ෂයට අදාළ ඡන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පත මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් පරීක්ෂා කළ හැකිය. එමෙන්ම අදාළ නාම ලේඛනය ග්‍රාමනිලධාරී කාර්යාලවල හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනය කර තිබේ.

    Latest News