පේරාදෙණිය-බදුල්ල හරහා චෙන්කලාඩි මාර්ගයේ කොටසක් ජනතා අයිතියට

දෙසැ 28, 2021

    පේරාදෙණිය - බදුල්ල හරහා චෙන්කලාඩි මාර්ගය සංවර්ධනය කිරීමෙන් පසු අද ජනතා අයිතියට පත්කෙරුණා.

    ඒ, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. මධ්‍යම, ඌව, නැගෙනහිර යන පළාත් යාකෙරෙන මෙම වාර්ගයේ දුර කිලෝමීටර් 275ක්. එහි බිබිල සිට චෙන්කලාඩි දක්වා කිලෝමීටර් 86.7 ක කොටස පුළුල්කර සංවර්ධනය කර තිබෙනවා. සෞදි අරමුදල් යටතේ රුපියල් මිලියන 7,200 ක් ඊට වැය කෙරුණා. මාර්ගය ඉදිකිරීමේ ශක්‍යතා අධ්‍යයනය සිදුකෙරෙන්නේ 2014 වසරේදී.

    අනතුරුව අදියර 3 ක් යටතේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා. ඒ දේශීය සමාගම් දෙකක් මගින්. බිබිල සිට පදියතලාව දක්වා කොටස පළමු අදියරට ඇතුලත්. දෙවන අදියර පදියතලාව සිට ටැම්පිටිය දක්වා ක්‍රියාත්මක කෙරුණා. ටැම්පිටිය සිට චෙන්කලාඩි දක්වා කොටස තුන්වන අදියරට අයත්. මාර්ගය පුළුල් කිරීමේදී ඉඩම් හා දේපළ අහිමිවූ බිබිල, රිදීමාලියද්ද, පදියතලාව සහ මහඔය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 12.4 ක වන්දි මුදල් ලබාදී තිබෙනවා.

    රාජ්‍ය අමාත්‍ය එස් වියාලේන්ද්‍රන්, සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක සුල්තාන් අල් මර්ෂාඩ් යන මහත්වරුන්ද මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News