අධික වර්ෂාපතනය නිසා සෙවනගල කුඹුරු අක්කර 50ක් යට වෙයි

දෙසැ 08, 2021

    මේ දිනවල තණමල්විල සෙවනගල ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා එම ප්‍රදේශයේ කුඹුරු අක්කර පනහකට වඩා ජලයෙන් යට වී විනාශ වී තිබේ.

    ප්‍රදේශයේ ඇළ මාර්ග සහ වැව් අමුණු පිටාර ගැලීම නිසා මෙම ජල ගැලීම් තත්වය ඇති වී ඇති අතර එම නිසා දිවුලාන,සෙවනගල ජනපදය සහ කිරිඉබ්බන් ආර යන ප්‍රදේශවල වගා කර තිබූ කුඹුරු වගාවන් මෙලෙස ජලයෙන් යට වී ඇත.

    ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව මේ වන විට ක්‍රමක්‍රමයෙන් අඩු වී ඇතත් ඇතැම් පහත් බිවල ජලය තවමත් බැසගොස් නොමැත.

    Latest News