නව කොවිඩ් ප්‍රභේදය 'ඔමික්‍රෝන්' ලෙස නම්කරයි

නොවැ 27, 2021

    දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගත් නව 'කොවිඩ් - 19' ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 'ඔමික්‍රෝන්' (Omicron ) ලෙස නම් කර තිබේ.

    මෙම ප්‍රභේදය ප්‍රථම වරට ලෝක සෞඛ්‍ය සංවිධානයට නොවැම්බර් 24 වැනි දින දකුණු අප්‍රිකාවෙන් වාර්තා විය. මේ වන විට එය බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං සහ ඊශ්‍රායලයේ ද හඳුනාගෙන ඇති බවට, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ, බහුවිධ විකෘති සහිත නව කොවිඩ් වෛරස් ප්‍රභේදය B.1.1.529 ලෙස හඳුනාගෙන ඇති අතර එය සීග්‍රයෙන් ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති වෛරස් ප්‍රභේදයක් බවයි.

    මෙම තත්ත්වයත් සමඟ දකුණු අප්‍රිකාවට සහ ඉන් පිටතට ගමන් කිරීම තහනම් කිරීමට හෝ සීමා කිරීමට රටවල් ගණනාවක් දැන් තීරණය කර තිබේ.

    මේ අතර දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, නැමීබියාව, ලෙසතෝ, එස්වාටිනි, මොසැම්බික් සහ මලාවි යන රටවලින් පැමිණෙන ගුවන් ගමන් ලබන සදුදා සිට නතර කිරීමට ද අමෙරිකා බලධාරින් සූදානම් වෙයි.

    Latest News