ටිංකර් ලසන්ත පොලිස් වෙඩි පහරකින් දියගම දී මරුට

නොවැ 26, 2021

    හේවා ලුණුවිලගෙ ලසන්ත නොහොත් ටිංකර් ලසන්ත නමැත්තා අද අලුයම 4ට පමණ කළුතර දියගම ප්‍රදේශයේ දී මිය‍ ගොස් තිබේ.

    මාතර ප්‍රදේශයේ දී සන් ශයින් සුද්දා නමැති සංවිධානාත්මක අපරාධකරු ඝාතනය ඇතුළු තවත් ඝාතන හා නිවෙස් මංකොල්ලකෑම් කිහිපයකට අවශ්‍ය සැකකරුවකුව සිටි මොහු අද අලුයම 4ට පමණ කළුතර දියගම ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරට ලක්ව මිය ගියා.

    ලසන්ත නමැත්තා වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයේ නිවසක සැඟවී සිටිය දී පොලිස් මෙහෙයුමකින් අත්අඩංගුවට ගැනීමට යාමේදි දෙපාර්ශවය අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් අනතුරුව තුවාල ලබා කළුතර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමේදීද මිය ගොස් සිටිය ඇත. පොලිස් නිලධාරීන් දෙදෙනකු ද තුවාල ලබා එම රෝහලට ඇතුළත් කර ඇත. සෝදිසි කිරීම්වල දී ගිනි අවියක් සහ අත්බෝම්බයක් හමු වී ඇති බව පැවසේ. මෘත දේහය කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කළ ඇති අතර කළුතර උතුර පොලිස් ස්ථානය පරීක්ෂණ මෙහෙයවයි.

    Latest News