ලියාපදිංචි අංක නොමැති T56 ගිනි අවියක් සමග පුද්ගලයකු STF අත්අඩංගුවට

නොවැ 26, 2021

    ලියාපදිංචි අංකය සඳහන්ව නොමැති T56 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක් සමග හිස් පතුරොම් ගැබක් (මැගසීනයක්) සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.

    කින්නියා පොලිස් වසමේ කින්නියා, කන්දල්කාඩු ප්‍රදේශයේ දී ඊයේ (25) දින වැටලීමක් සිදුකර ඇත.

    එහි දී බලපත්‍ර නොමැතිව විදේශීය නිෂ්පාදිත ලියාපදිංචි අංකය සඳහන්ව නොමැති T56 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක් සමග හිස් පතුරොමි ගැබක් සන්තකයේ තබාගෙන සිටි මුතූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක ද්‍රවිඩ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමලය ත්‍රස්ථ විමර්ශණ කොටිඨාශය වෙත භාර දී ඇත.

    Latest News