තණමල්විල අනතුරකින් පුද්ගලයකු මරුට

නොවැ 26, 2021

    තණමල්විල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් කිතුල්කොටේ ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයකු මියගොස් තිබේ.


    ටිපර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ යතුරු පැදියේ ගමන් ගත් නිදහස් මාවත තණමල්විල ලිපිනයේ පදිංචි වයස අවුරුදු 67ක පුද්ගලයකු බව පොලිසිය පැවසීය.
    අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් සිදු කරයි.

    Latest News