ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්

නොවැ 18, 2021

    ගැඹුරු සහ නොගැඹුරු මුහුද ආශ්‍රිතව ක්‍රීයාකරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබේ.


    ඒ මන්නාරම සිට කන්කසන්තුරය හා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ සහ ආරබි මුහුද සඳහාය.

    ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය බටහිර දෙසට බරව ගමන් කර අද (18) දකුණු ආන්ද්‍රා ප්‍රදේශයට යාබද උතුරු තමිල්නාඩු වෙරළ දෙසට ඇතුළු වේ.

    නැගෙනහිර - මධ්‍යම අරාබි මුහුදුදේ පවතින අඩු පීඩන කලාපය බරහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර ඉදිරි පැය 48 තුළ හොඳින් වර්ධනය ව අඩු පීඩන තත්ත්වයක් බවට පත්වීමට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ හේතුවෙන් මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 පමණ දක්වා වැඩි විය හැකිය.

    එමෙන්ම ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා වැඩි විය හැකි බව ය.

    ඒ හේතුවෙන් මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 තුළ දී ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කර සිටියි.

    Latest News