අමාත්‍ය මණ්ඩල තීරණ කිහිපයක්

නොවැ 02, 2021

    ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ අමෙරිකාවේ ඩියුක් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    විශ්වවිද්‍යාල දෙක අතර අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක වන්නේ මෙලියොයිඩෝසිස් රෝගය පාලනය සඳහා පර්යේෂණ පැවැත්වීම සඳහායි. අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි.

    2022-2041 කාලයට අදාළ විදුලි ජනන සැලැස්මක් සැකසීමත්, එය ක්‍රියාත්මක කිරීමේ මාර්ගෝපදේශ නිකුත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිවිය. අදාළ යෝජනාව ඉදිරිපත් කළේ, විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතායි. එමෙන්ම, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිවිය.

    සතොස සතු භාවිතයට නොගන්නා ගබඩා සහ ගොඩනැගිලි කුලී පදනම මත බදු දීමට සහ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරී ආයෝජන සඳහා යොදා ගැනීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය හිමිවිය. අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ, විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතායි.

    වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ රුපියල් මිලියන 50 දක්වා වන ව්‍යාපෘති කොන්ත්‍රාත් අර්ධ රාජ්‍ය ආයතන වෙත පැවරීමට කැබිනට් අනුමැතිය හිමිවිය. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවකට අනූවයි.

    Latest News