මීළඟ පක්ෂ නායක හමුවට නීතිපතිත්

පෙබ 20, 2019

    පවතින නීතිමය තත්වය මත පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන නීතිපතිගෙන් විමසීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ එකඟතාවකට පැමිණ තිබේ.

    ඒ සඳහා නීතිපතිවරයා මීළඟ පක්ෂ නායක රැස්වීමට කැඳවිය යුතු බවටයි, පක්ෂ නායකයින් අද හමුවේ දී තීරණය කර ඇත්තේ. ඒ අනූව, පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට ද නව ක්‍රමයට ද පවත්වන්නේ ද යන්න විමසීමට නීතිපතිවරයාගෙන් විමසීමට පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබේ.

    කතානායක කරූ ජයසූරිමය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති රැස්වීමට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අග්‍රාමාත්‍යතුමන්, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍ය තලතා අතුකෝරල ද විපක්ෂය නියොජනය කරමින් විපක්ෂ නායකතුමන් ඇතුළු නියෝජිතයින් ද ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් ඇතුළු පක්ෂ නායකයින් එක්ව සිටියේය.

    එහි දී පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ දී කාන්තා නියෝජනය සම්බන්ධයෙන් කටයුතු කළයුතු ආකාරය පිළිබඳ ජනාධිපතිතුමන් සමඟ සාකච්ජා කර තීරණය කිරීමට ද පක්ෂ නායකයින් එකඟතාව පළ කර තිබේ. මේ වන විට එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වේ.

     

    Last modified on බදාදා, 20 පෙබරවාරි 2019 13:44

    Latest News