එ.ජා.පය මැතිවරණ වලට භය නෑ..

පෙබ 20, 2019

    එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයට බය පක්ෂයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ සාමාන්‍ය සම්ප්‍රදායක් තියෙනවා කෘත්‍යාධිකාරී මණ්ඩලයයි - පාර්ලිමේන්තු මන්ත්ත්‍රී කණ්ඩායමයි අපි ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන්නේ යැයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    ඒක කරන්නේ ජනාධිපතිවරණය නම් කළාට පස්සෙයි. ඒක එක්සත් ජාතික පක්ෂය හැමදාමත් අනුගමනය කරපු ප්‍රතිපත්තියක් යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ තන්තිරිමල ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීවන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමත්‍යවරයා...

    ජනාධිපතිවරණය සදහා ඒකාබද්ධ විපක්ෂය නම් ගෝඨාභය මහත්තයාගේ, බැසිල් මහත්තයාගේ නම් සදහන් කරනවා. දැන් ජනාධිපති මෛ සිරිසේන මහතාගේ නමත් යෝජනා වෙලා තියනෙවා දැන් එක්සත් ජාතික පක්ෂය කවුරුවත් යෝජනා කරන්නේ නැත්තේ බය නිසා කියලා කියනවා.

    එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයට බය පක්ෂයක් නෙවෙයි.එක්සත් ජාතික පක්ෂයේ සාමාන්‍ය සම්ප්‍රදායක් තියෙනවාත ඒ සම්ප්‍රදාය මෙවරත් අපි අනුගමනය කරනවා.

    ඒක ජේ.ආර් ජයවර්ධන මැතිතුමාගේ ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ ඉඳලම දිගටම අපි අනුගමනය කරපු ක්‍රමවේදයක් තිබෙනවා. ඒ තමයි ජනාධිතපතිවරණයේ අපේක්ෂකයා කවුද කියන එක තීරණය කරන්නේ හැමදාමත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරාට පස්සේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙලා.

    කෘත්‍යාධිකාරී මණ්ඩලයයි. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමයි අපි ජනාධිපතිවරණ අපේක්ෂකයා තීරණය කරන්නේ.ඒක කරන්නේ ජනාධිපතිවරණයක් නම් කරාට පස්සේ. ඒක එක්සත් ජාතික පක්ෂය හැමදාමත් අනුගමනය කරපු ප්‍රතිපත්තිය.

    දැන් විපක්ෂය චෝදනා කරනවා එක මන්ත්‍රීවරයෙක් අරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න යනවා කියලා. චෝදනා ඕන කෙනෙකුට කරන්න පුළුවන්. කරන විදිහ ගැන බැලුවාම පුළුවන් ජනතාවට ඒක දැක ගන්න. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    Last modified on බදාදා, 20 පෙබරවාරි 2019 11:40

    Latest News