බඹර ප්‍රහාරයෙන් 18 ක් රෝහලේ...

ඔක් 23, 2021

    තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 18 දෙනෙකු අද (23) කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර තිබේ.   දිඹුල පතන පොලිස් වසමට අයත් මවුන්ට්වර්නන් වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට මෙසේ බඹර ප්‍රහාරය එල්ල වි ඇත.  

    බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 16 දෙනෙකු සහ වතු කම්කරුවන් 02 ක් තම රෝහලට ඇතුලත් කළ බව කොටගල ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිණී සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසිය.  තේ පදුරක් මත බැඳ තිබු බඹර කුඩුවක්, තේ දළු නෙලමින් සිටි කාන්තාවකගේ පයට පැගිමෙන් පසු බඹරුන් ඇවිස්සි මෙසේ වතු කම්කරුවන්හට පහරදී ඇති බව වතු පාලන අධිකාරිය පවසා ඇත.  බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය පරික්ෂණ පවත්වයි.

    Latest News