ගුවන් හමුදාව කාබනික පොහොර නිෂ්පාදනය අරඹයි...(වීඩියෝ)

ඔක් 23, 2021
  • වසවිසෙන් තොර කෘෂිකර්මාන්තය සඳහා ගොවි ජනතාව යොමු කිරීමේ සෞභාග්‍යයේ වැඩපිළිවෙළ යටතේ දිවයින පුරා කාබනික පොහොර නිෂ්පාදනය වැඩිදියුණු කෙරෙමින් පවතී.

    ඒ අනුව, ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය, වන්නි රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී ඊයේ නිල වශයෙන් ආරම්භ කෙරුණා. ඒ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක කෘෂි ඒකකයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය ක්‍රියාත්මකයි.

    "හරිත රටක් වසවිසෙන් තොර හෙටක්" සංකල්පය යථාර්ථයක් බවට පත්කිරීම මෙහි අරමුණයි. පළමු අදියරේදී කාබනික පොහොර ටොන් 25 ක් නිපදවීමට සැළසුම් කර ඇත. ඒවා, ගුවන් හමුදාවේ කෘෂි ඒකකයේ ප්‍රයෝජනය සඳහා යොදාගැනීමට නියමිත අතර,  ඉතිරිය කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ගොවීන්ට ලබාදීමට සලසුම් කර තිබේ.

    Last modified on ඉරිදා, 24 ඔක්තෝබර් 2021 11:07

    Latest News