කොන්දොස්තරවරයා නොමැතිව බස් ධාවනයට අවසර ඉල්ලයි

ඔක් 22, 2021

    කොන්දොස්තරවරයා නොමැතිව බස් රථ ධාවනයට අවසර ලබා දෙන මෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඉල්ලා සිටියි.



    මෙලෙස බස් රථ ධාවනය කිරීමට මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන ලෙසට යෝජනා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඉදිරිපත් කළ බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    බස් රථ වල ආදායම අඩු වීමත් සේවකයන් නොමැති වීම නිසාත් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි

    ඒ අනුව ඔවුන් යෝජනා කරන්නේ මුදල් ලබා ගැනීම සඳහා රියදුරු අසල පෙට්ටියක් සකස් කරන බවත් ජනතාව අවංකව තම කාර්යය ඉටු කිරීමට වග බලා ගත යුතු බව ද ගැමුණු විජේරත්න පවසයි.

    Latest News